Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා.

ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා. මට ඕනෑ ඒ ගැටුම සදාකාලයටම නවත්තලා දාන්න, නැති කරලා දාන්න. ඒ නිසා මං ඒ අධ්‍යාත්මික වූ , සදාකාලික වූ, සුන්දර වූ, නිර්වාන ධාතුව ස්පර්ශ කරනවා.
ආධ්‍යාත්මික ලෝකයෙහි ආදරයට සීමා මායිම් නොමැත..
ලෞකික ලෝකේ මිනිස්සු තමයි මෝඩ කමට එකිනෙකාගේ පෞරුෂයට ආදරය කරන්නේ.
අධ්‍යාත්මීය ලෝකයේ ආදරය කියන්නේ එකයි. ඒ එකම එක වූ උත්තරීතර තත්වය නොතේරෙන නිසා, ඔබලා ශාපයකට හසුවෙලා සිටිනවා..
ඒ ශාපයෙන් ගලවා ගැනීම සඳහා තමයි මම පැමිණියේ...
ලෞකික ලෝකය අපිරිසිදුයි, අපැහැදිලියි, අපරිශුද්ධයි. ඒක ශ්‍රේෂ්ඨ නැහැ. හේතුව මේ දෙකක් තිබෙන නිසා. සිත් දෙකක් එකට තිබෙන තැන හරි කටුකයි, භයානකයි. සුත්ත නිපාතයේ තියෙනවා වළලු දෙකක් රත්තරන් වලින් හදල එක අතට දාගත්තත් හැප්පෙනවා කියලා. ඒ කියන්න හදන දේ තේරෙනවද?
වළලු දෙකක් රත්තරන් වලින් හදලා දාගත්තත්, ඒ කියන්නේ ඉතින් වෙන තවත් හදන්න දෙයක් නෑනේ.. රන් වළලු දෙකක් එක අතට දාගත්තත් හැප්පෙනවලු,
ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙච්ච තැන ගැටුමක් පවතිනවා.
අපි මෙහෙම කරනවා. දෙන්නා එක්කෙනෙක් කරනවා. තුන් දෙනා එක්කෙනෙක් කරනවා. හතර දෙනා එක් කෙනෙක් කරනවා. සිය දෙනා එක්කෙනෙක් කරනවා. දාහදෙනා එක්කෙනෙක් කරනවා. අන්න එකට තමා කියන්නේ ආධ්‍යාත්මික ආදරය කියලා.
ඒකට අපි කියනවා 'සදාතනික වූ ආදරය' කියලා.. අපි කියන්නේ (Eternal Love) කියලා.
ඒ ශුද්ධ තත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා ළඟ තියෙන්නේ ඒ උත්තරීතර ආදරයයි. ඒකට පුද්ගලයෙක් නැහැ. හැඩයක් නැහැ. කෙනෙක් නැහැ. පෞරුෂත්වයක් නැහැ. ආදරය කරන්න කෙනෙකුත් නැහැ. ලබන්න කෙනෙකුත් නැහැ.
කරන්නෙක් හා ලබන්නෙක් හිටියොත් පරස්පරයි. එතන ගැටුමක් පවතිනවා.
දැන් මේ මගේ ඉස්සරහ ඉන්න අය ආදරේ කරලා කෙස් පැහෙනකම් ම ආදරය කරලා හොදට තේරෙනවා ඇති. මං කියන දෙය...
ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවනේ. මට ඕනෑ ඒ ගැටුම සදාකාලයටම නවත්තලා දාන්න. නැති කරලා දාන්න. ඒ නිසා මං ඒ අධ්‍යාත්මික වූ , සදාකාලික වූ, සුන්දර වූ, නිර්වාන ධාතුව ස්පර්ශ කරනවා.
අවංකවම ආදරය කරගෙන ගියාම අවසානයේ එක හදවතක් බවට පත් වෙනවා.
ඒ ආදරය දාර්ශනික වෙනවා.
වෙලා තියෙන ප්‍රශ්නේ කාමාශාවෙන් පිරිච්ච දුෂ්ඨ මිනිස්සු ඉන්න සමාජයේ ආදරය පිහිපාරින් කෙලවර වෙන්නේ.
මා දන්නා ආදරය කෙලවර වෙන්නේ නිර්වාණයෙන්..
මං මේ කියන දේවල් කල්පනා කරලා බලන්න. මං කියන මේ පාරිශුද්ධ ස්වභාවයට, උතුම් අවබෝධයට ඇතුළු වෙන්න දොරටුවක් නැහැ. හමුවෙන හැම කෙනෙක්ම, හැම තැනකම ඔබට දොරටුවක් වෙයි. ඒ උතුම් අවබෝධය සඳහා....
ඔන්න ඔය විදියට හිතෙනවා නම් කාටහරි අවබෝධයට පත් වෙන්න පුළුවන්. මිදෙන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රශ්නේ මිදිච්ච කෙනෙකුගේ ස්වභාවය සියයට සියයක්ම පැහැදිලි කරන්න බැරි එකයි. ඒක පැහැදිලි කරන්න බැහැ. වචන වලින් කිසිදා ඒ පාරිශුද්ධ වූ, සදාතනික වූ ආදරය විස්තර කල නොහැක. ප්‍රකාශ කල නොහැක...
✔✔✔ඒ භාග්‍යවත් වූ මුනිඳුන් 

ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා. ආදරය කරන්නෙක් හා ලබන්නෙක් ඉන්න තැන ගැටුමක් පවතිනවා. Reviewed by Unknown on 9:35 AM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates