Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

මම කියන්නේ මිනිස්සු නිකං ඉන්න දන්නේ නැහැ කියල..

මම අහන්නේ ඔබෙන්, ඔබ දන්නවාද නිකං ඉන්න? සමහර අයට නිකං ඉන්න කියපුවම එයා කියනවා.. " නිකං ඉන්නනේ කිව්වේ... නිකම් ඉන්න කම්මැලියි .... නිකම් ඉන්න බැහැ, නිදා ගන්න ඕන " කියල. එතකොට මම කියනවා, නැහැ, නැහැ, එයා නිකම් ඉන්නේ නැහැ නිදා ගන්නවා කියල. සමහරු කියනවා නිකම් ඉන්න කම්මැලි නේ කියල. එතකොට මම කියනවා, එයා නිකන් ඉන්නෙත් නැහැ කියලා. එයාට නිකන් ඉන්න කම්මැලි ලු , එතකොට එයා මොකේද ඉන්නේ, කම්මැලි කමෙනේ ඉන්නේ... මිනිස්සුන්ට කරගන්න බැරිම දේ තමා නිකං ඉන්න එක. මම කියන එක තේරෙනවද ?

නිකන් ඉන්න පුළුවන් රහතෙකුට විතරයි..

ඔහුට සිතක් නැහැ. සිතක් නැති වුනාට සිතන්නේක් ඉන්නවා. ඔහුට චින්තනයක් නැහැ. ඒ උනාට චින්තනයක් තියනවා. දැන් කෙනෙක් මේ දහම අහලා , අහලා .. අපි හිතමුකෝ අවු 5ක් ඇහැව්වා කියලා. 10ක් ඇහැව්වා කියලා ..අන්තිමට මම එකම එක දෙයක් උගන්වනවා. ඒ මොකක්ද නිකං ඉන්න එක උගන්වනවා. මිනිස්සුන්ට කරන්න බැරිම එකත් ඕක තමා. මිනිස්සු නිකං ඉන්න බයයි..! කියනවා එතකොට " නිකං ඉන්න බයයිනේ, එතකොට කන්නේ කොහොමද? හෙට අරෙහෙ යන්නේ කොහොමද? මෙහේ යන්නේ කොහොමද?" කියා කියා, මහ ගොඩක් දේවල් හිතනවා.

මම කියනවා මෙහෙම

" මම නිකං ඉන්නවා, කන්න කව්රුහරි ගෙනැල්ලා දෙයි. ඇඳුනුත් කව්රු හරි ගෙනැල්ලා දෙයි. ගෙනල්ල දුන්නේ නැත්තම්, ..එත් නිකං ඉන්නවා.... හිත හයියයි., හිත විශ්වාසයි. මිනිස්සුන්ට ඒ විශ්වාසය නැති නිසා මිනිස්සු මහන්සි වෙනවා. දාඩිය දාගන්නවා "

"අපි ඒ සියල්ල අතහැරලා නිකං ඉන්නවා "

"ඒක තමයි පණිවිඩය"

"ඒක තමයි රහස "

"කව්රු හරි ඒ රහස දැන ගත්තොත් එයා මනුස්සයෙක් නෙවෙයි, එයා දෙවි කෙනෙක්,..!

ඔය කියන රහස කව්රුහරි දැනගත්තොත් , එයාට මනුස්ස ශරීරයක් තිබුනට එයා මනුස්සයෙක් නෙවෙයි දෙවි කෙනෙක්, එයා දෙවියන් දන්න ඒ රහස දන්නවා. එයා දේවත්වයට පත්වන රහස දන්නවා. මොකක්ද ඒ රහස කිසි මහන්සියක් නැතිව ජීවත් වෙනවා. එක තමයි රහස, එක තමයි පණිවිඩය, එච්චර එකක් තියාගෙන මේ මිනිස්සු විඳවන වින්දවිල්ලක්, දුවන දිවිල්ලක්, දඟලන දැඟලිල්ලක්, මේ ඔක්කොම ටික අතහැරලා දාල නිකම් හිටියානම් ඒ අවශ්‍ය සියල්ල හම්බ වෙනවා. මම කියන්නේ නිකම් ඉන්න කියලා.

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ 
මම කියන්නේ මිනිස්සු නිකං ඉන්න දන්නේ නැහැ කියල.. මම කියන්නේ මිනිස්සු නිකං ඉන්න දන්නේ නැහැ කියල.. Reviewed by Unknown on 9:37 AM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates