Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

මිනිස්සු තමුන් ප්‍රාර්ථනා කරන දේ විතරක් හැමතිස්සෙම දකින්න ලෑස්ති වෙනවා...

භවය තේරුම් ගන්න මිනිස්සු බයයි. ඇයි භය? මිනිස්සුන්ට භව තන්හාව තියෙනවා. භව තන්හාව කියන්නේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් නැවත නැවත ආශා කරමින් මේකට බහින්න ඇති කැමැත්ත. මිනිස්සු කැමතියි මිනිහෙක් වෙලා නෙවෙයි බල්ලෙක් වෙලා හරි නැවත මේකට එන්න තියේනම්. මේ දේශනා අහන කෙනෙක් හිටියා. ඔහු ගොඩාක්මේ දේශනාවල් ඇහුවා. ඔහු හිතාගෙන හිටියා ඔහුගේ හිත ගොඩාක් හයියයි කියලා. ඔහු බල්ලෙක් හැදුවා. බොහොම ආදරෙන්. මේ බල්ලට ඔහු හුගාක් ආදරෙයි. කොච්චර ආදරේද කියනවනම් මේ බල්ලට ඔහු සැලකුවේ ළමයෙකුට වගේ. එක සැරේටම බල්ලා මැරුණා.

මොහු අඬන්න පටන් ගත්තා. මොහුට තිබිච්ච යාන වාහන ගෙවල් දොරවල් ඔක්කොම එපා වුනා. ඇයි? බල්ලා මැරිච්ච නිසා. මොහු දානත් දුන්න බල්ල වෙනුවෙන්. මේ ඔක්කොම කලා. මොහු තමුන්ගේ ළමයෙකුට කරන සැලකිලි ඔක්කොම අර බල්ලට කළා. කරලා මේ පහුගිය දවසක මට ඇවිල්ල කිව්වා.“අනේ ස්වාමීන් වහන්ස බල්ලා මැරුණා”. මම කිව්වා “ලොකු දෙයක්” කියලා. ඒ බල්ලා මැරිච්ච එක හොඳයි.

ඒ බල්ලා එයාට ගොඩක් දේවල් ඉගැන්නුවා. එයා එකත් කිව්වා. මට ගොඩක් දේවල් කියල දුන්නා. ඔය ගොල්ලන්ටත් ජීවිතේ ඒ වගේ අත්දැකීම් නැද්ද? සමහර දේවල් ජීවිතේ අපට ගොඩක් දේවල් උගන්වනවා. හැබැයි ඒ මෝඩයා ඊට පස්සේ මෝඩ කතාවක් කිව්වා.

මේ බල්ලා මගේම දරුවෙක් වෙලා නැවත ඉපදේවා කිව්වා.
මම කිව්වා “යකෝ! ආයේ වෙන්නෙත් ඒකමයි” කිව්වා. ඒක තේරුන් නැද්ද? කිව්වා එක. දැන් එකපාරක් අර බල්ලා මැරිලා අඬ අඬ හිටියනේ කෑ ගහ ගහ. මෙන්න දැන් ආයෙත් බල්ලට උපදින්න කියලා ආයෙත් යාඥා කරනවා. දැන් බල්ලා ඇවිල්ලා ඉපදුනොත් ආයෙත් වෙන්නේ මොකක්ද? ආයේ මැරෙන එක. ඒකියන්නේ එයාට ඒ කොටස තේරෙන්නේ නෑ. එයාට අර බල්ලාට ඇති කෑදරකමට සසර නැවත ප්‍රාර්ථනා කරනවා. නැවත ඉල්ලනවා. නැවත එයා ඉල්ලන්නේ බල්ලා. හැබැයි බල්ල එන්නේ මරණය කියන බෝඩ් එකත් අතේ තියාගෙන. එයා එතකොට කියනවා ඔය බෝඩ් එක පෙන්නන්න එපා මට. මට උඹගේ මුණ පෙන්නපන් කියල. එතකොට කියනවා, “බැහැ මට සොබාදහම කියල තියෙන්නේ බෝඩ් එකයි මූනයි දෙකම උඹට පෙන්නපන් කියලා”.
මම කියන ඒවා තේරෙනවද? ජීවිතේ හරි අමුතුයි. ඒ අමුතු ජීවිතේ දකින්න මිනිස්සු දන්නේ නෑ. මිනිස්සු හරි මෝඩයි.ඒ මෝඩ මිනිස්සු තමුන් ප්‍රාර්ථනා කරන දේ විතරක් හැමතිස්සෙම දකින්න ලේස්ති වෙනවා. ඒ වුනාට සොබාදහම බලෙන් තව කොටසක් ඒකට එකතු කරලා තියෙනවා.

මම කියන්නේ මේ දෙකම ගන්න කියලා. නිදහසේ ජීවිතේට මූහුණ දෙනවා. ජීවිතේ යතාර්ථය දකිනවා. ගැඹුරට දකිනවා. දකිනකොට අපිට තේරෙනවා අපි ලොකු මුලාවක ඉන්නේ කියලා. ඒ මුලාවෙන් ගැලවෙන විධිය තමයි බුදු හාමුදුරුවොන්ගේ පණිවිඩය. එච්චරයි.

එක හරි ගැඹුරුයි. ඒක තේරෙන්නේ නෑ ලේසි පහසු කෙනෙකුට.

✔✔✔ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ
මිනිස්සු තමුන් ප්‍රාර්ථනා කරන දේ විතරක් හැමතිස්සෙම දකින්න ලෑස්ති වෙනවා... මිනිස්සු තමුන් ප්‍රාර්ථනා කරන දේ විතරක් හැමතිස්සෙම දකින්න ලෑස්ති වෙනවා... Reviewed by Unknown on 1:25 PM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates