Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

අපේ හදවත විවෘත වෙන්න ඕන. විවෘත හදවතක්, විවෘත මනසක්, විවෘත හදවතක් තුල දහම දකින්නයි අපි වෑයම් කරන්න ඕන.

අපේ හදවත විවෘත වෙන්න ඕන. විවෘත හදවතක්, විවෘත මනසක්, විවෘත හදවතක් තුල දහම දකින්නයි අපි වෑයම් කරන්න ඕන. ඇත්ත හොයන්න ඕන. හැමදාම මිනිස්සු කරන්නේ බොරුවෙන් වංචාවෙන් මුලාවට පත් වෙලා ජීවත් වෙන එක. කෙටියෙන් කිව්වොත් මිනිස්සු මුනිචචාවට ජීවත් වෙනවා. මුනිචචාවට ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? එකිනෙකා වෙනුවෙන් අවශ්‍යතා ඉටු කරනවා. මොකක්ද එකිනෙකා වෙනුවෙන් අවශ්‍යතා ඉටු කරනවා කියල කියන්නේ? එයා, මෙයා වෙනුවෙන් අවශ්‍යතා ඉටු කරනවා. මෙයා එයා වෙනුවෙන් අවශ්‍යතා ඉටු කරනවා. එතකොට මේක යන අවසාන තැන කොතනද? එක්කෙනෙකුට තව එක්කෙනෙක් වෙනුවෙන් අවශ්‍යතා ඉෂ්ඨ කරන්න බැරි වුනහම ඒ ගණුදෙනුව අවසන්!දැන් එතකොට අපි කල්පනා කරනවා මේක තමයි ජීවිතේ ඇත්ත. මේ හැමෝම සාපේක්ෂ්‍ය ලෝකය තුළ එකිනෙකාගේ අවශ්‍යතා ඉටුකරගෙන ජීවත් වෙනවා. එතකොට ඒක ඉෂ්ඨ කරන්න බැරි තැනදී ඒ ඔක්කොම නැවතිලා. ඒ කියන්නේ අපි මෙච්චර කල් මූනිචචාවට බොරුවට අහුවෙලා ඒ බොරුව ඇත්තක් කියලා හිතාගෙන ඒකට බැහැලයි ජීවත් වෙලා තියෙන්නේ. මේ හැමෝම දන් නැති වුනාට ඉන්නේ ඔතන. ඔතන තමයි හිටියේ. එතන ඉන්න නිසා තමයි එකිනෙකා කෙරෙහි ගැටුම් ඇති වන්නේ. එතන ඉන්න නිසා තමයි ප්‍රශ්න ඇති වන්නේ. එතැන් ඉන්න නිසා තමයි ජීවිතේ ආරවුල් ඇති වුනේ. එතන හිටපු නිසා තමයි ජීවිතේ භාර ගන්න භය වුනේ, වයසට යෑම, ලෙඩ වීම, මරණය, පශ්චාත්තාප වීම, හැඩීම, වැළපීම.... මේවා මිනිස්සුන්ගේ ජීවිතේ කොටස්.
හිනාව, සතුට වගේම පශ්චත්තාප වීම, ශෝකකිරීම, වැළපීම, හැඩීම.. ඒවත් ජීවිතේ කොටස්.. අපි හැමදාම ගණන් හැදුවේ උඩ පෙනෙන හිනාවටයි, සතුටටයි, සැනසීමටයි විතරයි. හැබැයි ඒකෙ යට තිබුනා, පශ්චත්තාප වීම, වැළපීම, හැඩීම හා ශෝකය. ඒවා අපි ගණන් කලේ නෑ. ඒවා ගණන් කරන්න නිකං කම්මැලි වගේ හිතුනා. නමුත් අපට සිද්ධ වෙනවා මේ සියල්ල ගණන් කරන්න.
අපිට සොබාදහමේ නීතිය, අපිට සොබාදහම දෙන පණිවිඩය තමයි මේ සියල්ල, මේ සියල්ල කිසිම වෙනසක් නැතිව එකින් එක ගණන් කරපන් කියාල අපිට නියෝග කිරීම.
මුළු නවාංග ශාස්තෘ ශාසනයම නොදැනගෙන හිටියත් මුළු ත්‍රිපිටක බුද්ධ වචනය වචනයක්වත් දන්නේ නැති වුනත්, කෙනෙකුට පුලුවන්නම් ජීවිතයේ ලැබෙන සියල්ලටම කිසිම වෙනසක් නැතිව ලකුණු ද දා ගණන් කර කර යන්න., ඔහු ධර්මධරයෙකි.!.

අපේ හදවත විවෘත වෙන්න ඕන. විවෘත හදවතක්, විවෘත මනසක්, විවෘත හදවතක් තුල දහම දකින්නයි අපි වෑයම් කරන්න ඕන. අපේ හදවත විවෘත වෙන්න ඕන. විවෘත හදවතක්, විවෘත මනසක්, විවෘත හදවතක් තුල දහම දකින්නයි අපි වෑයම් කරන්න ඕන. Reviewed by Unknown on 6:12 PM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates