Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

ජාතියේ ප්‍රශ්නයකුත් නෑ ආගමට. කුලය ගෝත්‍රය ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයකුත් නෑ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඥානය..

බලන්න නිකම් කල්පනා කරලා “රජ්ජුමාලා කියන්නේ ගෙදරක වැඩකාරකම් කරපු ගෑනියක්”. මේ හැමෝම හිතන් ඉන්නෝ බුද්ධකාලීන භාරත සමාජය මහා අමුතු සමාජයක් කියල. නැහැ. අද වගේම සමාජයක්. අද තරම් තාක්ෂනය දියුණු නැහැ. එකයි ඇත්ත. දැන් සමහරු හිතන් ඉන්නවා බුද්ධ කාලයේ මිනිස්සු උඩින් ගියා කියලා. උඩින් ගියපු මිනිස්සු ගැන වාර්තාවක් කොහෙවත් නෑ. සමහර මිනිස්සු හිතන් ඉන්නවා ඒ සමාජයේ මිනිස්සු මහා අමුතු අමුතු විජ්ජාවල් කර කර ඇවිද්ද කියලා. එහෙම වාර්තාවලුත් නෑ. මේ අද වගේමයි. හැබැයි අද තරම් දියුණු නෑ. තාක්ෂනය භෞතික දියුණුවක් අද තරම් නෑ. හැබැයි ඒ මිනිස්සුන්ගේ හිතන්න පුළුවන්කම තිබුනා. අද වගේම. අද වගේම මිනිස්සු එදත් ගෙවල්වල වැඩකාරකම් කළා. මම අහන්නේ මේ විශ්ව විද්‍යාලවල උපාධි සහතික අරගෙන එන්න ඕනද, ගෙවල්වල වැඩකාරකම් කරන්න. නෑ. හොඳට ඉගෙන ගන්න ඕනද ගෙවල්වල වැඩකාරකම් කරන්න. නැහැ. මොකක්ද දැනගන්න ඕන, තියෙන්න ඕන එකම සුදුසුකම. ගෙදර වැඩපල ටික හොදට කරන්න පුළුවන් වෙන්න ඕන. මම කියන ඒවා හරිද වැරදිද? එච්චරයිනෙ දැනගන්න ඕන. 

රජ්ජුමාලා ගෙදරක වැඩකාරකම් කරන්න ගියා. හැබැයි, වැඩකාරකම් කරන්න ගියාම ඒ ගෙදර මිනිස්සු එයාට ගොඩාක් හිංසා කළා. ගැහුවා. කොන්ඩේ කැපුවා. ඊට පස්සේ කොන්ඩේ කපලා දැම්මට පස්සේ ගහන්න විදියක් නැතිව, බෙල්ලට ලන්නක් දාල ආයෙත් ගහන්න පටන් ගත්තා. බැරිම තැන, ගැලවිල්ලක් නැතිම තැන බෙල්ල වැලලාගන්න තීරණය කළා. බෙල්ල වැලලාගන්න හිතාගෙන, ලණුවකුත් අරගෙන ගහක බැඳලා එල්ලෙන්න හදකොට එතනදී බුදුන් වහන්සේ හම්බ වුනා. හම්බවෙලා සාකාච්චා කරලා ජීවිතේ තේරුම් අරගෙන නිවන් අවබෝධ කරා. මට තිබිච්ච ප්‍රශ්නේ ඉස්සර ඉඳලම “මේ ගෙවල්වල වැඩකාරකම් කරන ගෑනුත් නිවන් දැක්කනම්, අපිට බැරි ඇයි කියලා.”


ජාතියේ ප්‍රශ්නයකුත් නෑ ආගමට. කුලය ගෝත්‍රය ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයකුත් නෑ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඥානය.. ඒ ගැඹුරු දහම තේරෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. දැන් මට තියෙන ප්‍රශ්නය තමයි, දැන් කව්ද ප්‍රඥාවන්තයෝ කියන්නේ?, කව්ද මෝඩයෝ කියන්නේ.? අපි සමාජ සම්මතයේ ප්‍රඥාවන්තයෙක් කියල සම්මත කරලා තියෙන්නේ යමක් කමක් තියෙන, යමක් ඉගෙන ගත්ත, හිතන්න මතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙක්! එහෙම නේද?


සාමාන්‍ය සමාජයේ ප්‍රඥාවන්තයෙක් කියලා සම්මත කරලා තියෙන්නේ උපාධි තියෙන, ඉස්කෝලේ ගියපු හොදට ඉගෙන ගත්ත, හොද ව්‍යාපාර කරලා සමාජ තත්වයක් නිර්මාණය කර ගත්තු අය ප්‍රඥාවන්තයෝ කියල සමාජ සම්මත කරලා තියෙනවා. හැබැයි,
මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ වෙනත් එකක්..

යම් මනුෂයෙකුට තමන්ගේ මමත්වය තේරෙනවා නම් ඒ තමයි, ප්‍රඥාව.. තමන් මාන්නාධික මිනිහෙක් කියල තමුන්ට තේරෙනවානම්, ඒ තමයි ප්‍රඥාවේ ප්‍රතිශතය. දැන් තමන්ගේ මමත්වය සීයට සීයක් තේරෙනවනම්, එයාට සීයට සීයක් ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ එයා කව්ද? 

එයා රහතෙක්.!


සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ 
ජාතියේ ප්‍රශ්නයකුත් නෑ ආගමට. කුලය ගෝත්‍රය ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයකුත් නෑ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඥානය.. ජාතියේ ප්‍රශ්නයකුත් නෑ ආගමට. කුලය ගෝත්‍රය ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයකුත් නෑ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඥානය.. Reviewed by Unknown on 12:29 PM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates