Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

පෙම්වතුන් අතර සුපිරි ප්‍රේමවන්තයෙක් වෙලා පෙම් කරනවා...

කොයිම වෙලාවකවත් තමුන්ට අනන්‍යතාවයක් හදන්න යන්න එපා.! ඔතන හරි ප්‍රශ්නයක්. අනන්‍යතාවය හදා ගන්නවා. දැන්, හුඟ දෙනෙක් මේ දේශනාව අහන්න කලින් එහෙම ලොකුවට එකක් හදාගෙන තිබුනා. අනන්‍යතාවයක් තිබ්බා. වැරදි ඒවා. ඒක නිසා තමුන්ට දැනුනේ සහනයක්ද? අසහනයක්ද? ව්ශාල අසහනයක් දැනුනා. දැන් අපි යනවා, කුඩු බොන මිනිස්සු අතරට. එතකොට මම ගිහිල්ල මේ කාට හරි කියනවා. මේ මිනිස්සුඅතර සතියක් ඉන්න, කියලා. එතකොට මොකද්ද කියන්නේ ඔහෙලා,,. අපෝ, අපිට බෑ.! අපි ඉන්නේ නෑ. අපි බොහොම හැදිච්චච මිනිස්සු. එතකොට ආහ්... කමක් නෑ, කියලා මම නිශ්ශබ්ධ වෙනවා. 

ඔහොම යනකොට, බොරු හොරකමකට අහු වෙනවා. සිරගත වෙනවා. දැන් ඉන්න වෙන්නේ කොහෙද? කාත් එක්කද? ඒත් අතනමයි. මම කියන දේ තේරුම් ගන්න. දැන් එතකොට, අකැමැත්තෙන් වුනත් අනන්‍යතාවය කඩා ගන්න සිද්ධ වෙනවා. දැන් වෙන කරන්න කිසි දෙයක් නැති නිසා. 


ඉතින් දැන්, මේ කඩා ගන්නේ තේරුම් අරගෙන නෙවෙයි,. කරන්න දෙයක් නැති නිසා. ඉතින් ඊට කලින්ම,.. ආහ් මේ ගොල්ලොද ඉන්නේ, මේ ගොල්ලොත් එක්ක මම ඉන්නවා කිව්වානම් ඉවරයිනේ. අවස්ථානුකූල වෙන්න ඕන. ඒ ඒ වෙලාවට, ඒ ඒ විධියට ඉන්න ඕන. 


ජීවිතේ හැම තැනකදීම, හැම අවස්තාවකදීම, හැම පරීක්ෂනයකදිම ඒ හැම එකකදීම ඒ අවස්ථාවන්ට ගැලපෙන්න ඉන්න පුලුවන්නම් මම ඒ කෙනාගේ මානසික ලෝක ගැන ප්‍රශ්න කරනවා. එහෙම එකක් නෑ. ඒ කියන්නේ එයා කව්ද. එයා රහතෙක්!
එයා රහත් කෙනෙක්.!
පොඩි ළමයි එක්ක ඉන්නකොට පොඩි ළමයෙක් විධියට ඉන්නවා. කුඩු බොන මිනිස්සු අතර ඒ ගොල්ලොත් එක්ක අරගල නොකර ඉන්නවා. පිස්සෝ අතර පිස්සොත් එක්ක හොදට හිනාවෙලා පිස්සු කියව කියවා ඉන්නවා. පෙම්වතුන් අතර හොදට සුපිරි ප්‍රේමවන්තයෙක් වෙලා පෙම් කරනවා. ලෙඩ්ඩු අතර ලෙඩෙක් විධියට ඉන්නවා. මහල්ලෝ අතර මහල්ලෙක් වගේ ඉන්නවා. කැලයක මහා ගස් අතර, එයා තවත් ගසක් විතරයි. මම එතකොට අහනවා “ එයාගේ විධිය මොකක්ද?”
“එයාට විධියක් නෑ., එක තමයි එයාගේ විධිය”
එයාට ඉන්න ක්‍රමයක් නෑ. එයාට අනන්‍යතාවයක් නෑ. නඩත්තු කරගත්තු කිසිවක් නෑ. අවස්ථානුකූලයි. එයා “සරළත්වයට” පත් උතුම් මනුෂ්‍යයෙක්.!


එයා රහතෙක්.!


ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ.
පෙම්වතුන් අතර සුපිරි ප්‍රේමවන්තයෙක් වෙලා පෙම් කරනවා... පෙම්වතුන් අතර සුපිරි ප්‍රේමවන්තයෙක් වෙලා පෙම් කරනවා... Reviewed by Unknown on 12:25 PM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates