Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

ලොව ප්‍රඥාවන්ත මිනිසුන්ට අයුක්තිය, අසාධරණය තුලින් ඇතිවන විඩාව ජීවිතයේ යතාර්ථය ගම්‍ය කරවයි.

මිනිසුන්ගේ හදවත් තුළ පවතින එකම අපේක්ෂාව ඔවුන්ගේ නිදහසයි, සැනසීමයි. එහෙත් යම් යම් අවස්ථා වලදී මිනිසුන්ගේ සතුට, නිදහස අහිමි වී යන විට, ඒ අහිමිවන ඔවුන්ගේ සතුට නිදහස වෙනුවෙන් ඔවුන් අරගල කරති, යුක්තිය සාධාරණය ඉටුකර ගැනීමට වෙහෙස වෙති. ඇතැම් අවස්ථා වලදී ඔවුන්ට, ඔවුන් අපේක්ෂා කල යුක්තිය සාධාරණය ඉටුකරගත නොහැකිව ඔවුන් නැවත නැවත අසහනයට, දුකට පත්වෙති. කොතරම් කලබල වුවද, වෙහෙස වුවද මේ තාක් ලෝකයේ යුක්තිය වෙනුවෙන් සටන් කර ජයගත්තෙක් නැත. එසේ සිටිනවානම් ලොව පවතින්නා වූ පරම සත්‍ය අවබෝධ කරගත් උතුමන් වහන්සේලාම පමණකි. නමුත් ඒ ජයග්‍රහණය අරගලයකින් නොව ලොව පවතින්නාවූ යතාර්ථය මනාව තේරුම් ගැනීමෙන් පමණක් ලබා ගන්නා ලද්දකි.

ඔබට ඔබ සොයන නිදහස , සාධාරණය, යුක්තිය කිසි දිනෙක සොයා අවසන් කල නොහැක. යුක්තිය සාධාරණය සොයා යන ඔබට අවසානයේ ශේෂ වන්නේ විඩාවය,දුකය. මක් නිසාද අසාධාරණය, අයුක්තිය ලොව පවතින්නා වූ ධර්මතාවයන් නිසාය. ලොව උපන් සෑම මිනිසෙකු අතෙහිම මරණය පවතියි. එහෙත් ඔවුන් ඒ මරණය ප්‍රතික්ෂේප කරති, මරණය ඉදිරියේ හඬා වැටෙති. කෙසේ වුවත් මරණය ඔවුන්ගේ ආත්මය පැහැර ගනියි. එලෙසම සාධරණය සොයන මිනිසුන් අතෙහි අසාධාරණයද , යුක්තිය සොයන මිනිසුන් අතෙහි අයුක්තියද, සැනසීම සොයන මිනිසුන් අතෙහි අසහනයද, සතුට සොයන මිනිසුන් අතෙහි දුකද පවතියි. එයයි පවතින්නා වූ ධර්මතාවය.

ලොව ප්‍රඥාවන්ත මිනිසුන්ට අයුක්තිය, අසාධරණය තුලින් ඇතිවන විඩාව ජීවිතයේ යතාර්ථය ගම්‍ය කරවයි. කෙසේද යත් සාධරණය මෙන්ම අසාධාරණයද, යුක්තිය මෙන්ම අයුක්තියද සතුට මෙන්ම දුකද, සහනය මෙන්ම අසහනයද ලොව සදාතනික ධර්මතාවයන් බව පසක්කර ගැනීමෙනි. අනතුරුව ඔවුන් ඒ සියල්ල ඉදිරියේ තම ආධ්‍යාත්මීය නිහැඬියාවෙන් වැඩ සිටිති.

සියලු දෙනාම තමුන්ගේ පාරිශුද්ධත්වය අපේකෂා කරනුයේ සර්ව සාධාරණ, යහපත් යුක්තිසහගත ක්‍රම වලිනි. නමුත් කිසිවෙකුට පෞර්ෂය බිඳ දමන්නේ නැතිව ඒ පාරිශුද්ධත්වයට පත්විය නොහැක. එහෙයින් ලොව පහළවන බුදුවරු, මුනිවරු හා රහතුන් වහන්සේලා මිනිසුන් පාරිශුද්ධත්වයට පත් කරන්නට සර්ව සාධාරණ ක්‍රම යොදා නොගනිති. මක්නිසාද, සර්ව සාධාරණ ක්‍රම තුලින් තව තවත් වන්නේ ඔවුන්ගේ පෞර්ෂයේ අගය තව තවත් ඉහල යාමක් මිසක්, මුලින් සඳහන් කල පාරිශුද්ධත්වයට ලංවීමක් සිඳු නොවීම නිසාය. එමනිසා උන්වහන්සේලා අයුක්තිය, අසාධාරණය මතින් ඔබව ඒ පාරිශුද්ධ තත්වයට රැගෙන යයි.

එබැවින්...

අතහැර දමන්න ඔබ සොයන සාධරණය,
අතහැර දමන්න ඔබ සොයන යුක්තිය,
ඔබෙන් වියයුතු යමක් වේද එයම සිදු කරන්න.
සිතන්න සෑම අයුක්ති සහගත වූවක්ම, අසාධාරණ වූවක්ම ඔබට සත්‍ය අවබෝධකරවීමට සොබා දහම ගත් උත්සාහයක් ලෙස.

සැබෑවටම එයයි ලොව යතාර්ථය.
එයයි උන්වහන්සේ අපට දේශනා කරන මඟ...

✎ ____ සටහන - ආශ්‍රමවාසී ධම්ම ධර ස්වාමින්වහන්සේ

ඔබට ඔබ සොයන නිදහස , සාධාරණය, යුක්තිය කිසි දිනෙක සොයා අවසන් කල නොහැක. යුක්තිය සාධාරණය සොයා යන ඔබට අවසානයේ ශේෂ වන්නේ විඩාවය,දුකය. මක් නිසාද අසාධාරණය, අයුක්තිය ලොව පවතින්නා වූ ධර්මතාවයන් නිසාය. ලොව උපන් සෑම මිනිසෙකු අතෙහිම මරණය පවතියි. එහෙත් ඔවුන් ඒ මරණය ප්‍රතික්ෂේප කරති, මරණය ඉදිරියේ හඬා වැටෙති. කෙසේ වුවත් මරණය ඔවුන්ගේ ආත්මය පැහැර ගනියි. එලෙසම සාධරණය සොයන මිනිසුන් අතෙහි අසාධාරණයද , යුක්තිය සොයන මිනිසුන් අතෙහි අයුක්තියද, සැනසීම සොයන මිනිසුන් අතෙහි අසහනයද, සතුට සොයන මිනිසුන් අතෙහි දුකද පවතියි. එයයි පවතින්නා වූ ධර්මතාවය.
ලොව ප්‍රඥාවන්ත මිනිසුන්ට අයුක්තිය, අසාධරණය තුලින් ඇතිවන විඩාව ජීවිතයේ යතාර්ථය ගම්‍ය කරවයි. කෙසේද යත් සාධරණය මෙන්ම අසාධාරණයද, යුක්තිය මෙන්ම අයුක්තියද සතුට මෙන්ම දුකද, සහනය මෙන්ම අසහනයද ලොව සදාතනික ධර්මතාවයන් බව පසක්කර ගැනීමෙනි. අනතුරුව ඔවුන් ඒ සියල්ල ඉදිරියේ තම ආධ්‍යාත්මීය නිහැඬියාවෙන් වැඩ සිටිති.
සියලු දෙනාම තමුන්ගේ පාරිශුද්ධත්වය අපේකෂා කරනුයේ සර්ව සාධාරණ, යහපත් යුක්තිසහගත ක්‍රම වලිනි. නමුත් කිසිවෙකුට පෞර්ෂය බිඳ දමන්නේ නැතිව ඒ පාරිශුද්ධත්වයට පත්විය නොහැක. එහෙයින් ලොව පහළවන බුදුවරු, මුනිවරු හා රහතුන් වහන්සේලා මිනිසුන් පාරිශුද්ධත්වයට පත් කරන්නට සර්ව සාධාරණ ක්‍රම යොදා නොගනිති. මක්නිසාද, සර්ව සාධාරණ ක්‍රම තුලින් තව තවත් වන්නේ ඔවුන්ගේ පෞර්ෂයේ අගය තව තවත් ඉහල යාමක් මිසක්, මුලින් සඳහන් කල පාරිශුද්ධත්වයට ලංවීමක් සිඳු නොවීම නිසාය. එමනිසා උන්වහන්සේලා අයුක්තිය, අසාධාරණය මතින් ඔබව ඒ පාරිශුද්ධ තත්වයට රැගෙන යයි. 
එබැවින්...
අතහැර දමන්න ඔබ සොයන සාධරණය,අතහැර දමන්න ඔබ සොයන යුක්තිය,ඔබෙන් වියයුතු යමක් වේද එයම සිදු කරන්න.සිතන්න සෑම අයුක්ති සහගත වූවක්ම, අසාධාරණ වූවක්ම ඔබට සත්‍ය අවබෝධකරවීමට සොබා දහම ගත් උත්සාහයක් ලෙස.
සැබෑවටම එයයි ලොව යතාර්ථය. එයයි උන්වහන්සේ අපට දේශනා කරන මඟ...
✎ ____ සටහන - ආශ්‍රමවාසී ධම්ම ධර ස්වාමින්වහන්සේ


ලොව ප්‍රඥාවන්ත මිනිසුන්ට අයුක්තිය, අසාධරණය තුලින් ඇතිවන විඩාව ජීවිතයේ යතාර්ථය ගම්‍ය කරවයි. ලොව ප්‍රඥාවන්ත මිනිසුන්ට අයුක්තිය, අසාධරණය තුලින් ඇතිවන විඩාව ජීවිතයේ යතාර්ථය ගම්‍ය කරවයි. Reviewed by Unknown on 9:24 AM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates