Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

ඒ අවබෝධයට පත්වෙච්ච අය හිනාවෙන්නෙත් නැද්ද?

හැමෝම කරන්නේ සාම්ප්‍රධායික වත් පිළිවෙත්, චාරිත්‍ර, වාරිත්‍ර, පුදපූජා, මල් පූජා, පහන් පූජා.. ඕව කරනවා. හැබැයි ඕව කරලා ඒ කියන ධර්ම අවබෝධය ලබන්න බැහැ. එතකොට කෙනෙක් අහයි, ඔබ වහන්සේ කියන්නේ ඒවා කරන්න එපා කියලද? නැහැ. මම කියනවා ඒවා කලාට අවබෝධයට පත්වෙන්න බැහැ කියලා. අවබෝධයට පත් වන්නේ ප්‍රඥාව අවධි කිරීමෙන්. ඥානය අවධි කිරීමෙන්. දහම් ඇස පහල කරගැනීමෙන්. දැන් ඊට පස්සේ, අපි ක්‍රමයක් හොයාගන්න ඕන කොහොමද ඒ කියන දහම් ඇස පහල කරගන්නේ. අපි ගෙදර දොරේ වැඩ කර කර ඉන්නේ.අපිට ළමයි ඉන්නවා. අපිට දූ දරුවෝ සිටිනවා. දවසක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ආවා උපාසකයෙක්. ඔහුගේ නම ධම්මදින්න. ඔහු ඇවිල්ල උන්නාන්සේට මෙසේ කියනවා. ස්වාමිනි අපි හැමදාම පන්සිල් රකිනවා. දැන් ඔබ වහන්සේ අද අපට බණක් කියන්න ඕන. මේ පන්සීල් ගැන නෙවෙයි. මේ පන්සීල් වලින් ටිකක් එහාට. දැන් ඔයගොල්ලෝ මට කියන්නෙත් එකමනේ. එතකොට ගෞතම බුදුන්වහන්සේ ධම්ම දින්නට කියනවා. ධම්මදින්න.. පංච සීලයේ එහා යමක් මම අද ඔබට පැහැදිලි කරනවා. ඒ තමයි සොතාපත්තියට අවශ්‍ය සුදුසුකම් ටිකත්, ඒ සඳහා ගමන් කල යුතු මාර්ගයත්. ඒක තමයි ඊළඟ එක එකේ තියෙන. එතකොට ධම්මදින්න උපාසකයට කරුණු පැහැදිලි කලහම ධම්ම දිනන කියනවා, ඔය ඔබ වහන්සේ කියන කරුණු ටික මම ළඟ තියෙනවා. ධම්මදිනන කියනවා මම සොතාපන්නයි. ඒ කියන්නේ ඒ උපාසකය පංචසීල ප්‍රතිපත්තිය ඉක්මවා ගියපු එක්කෙනෙක්. දැන් මට තියෙන ප්‍රශ්නය මේ ඉන්න මිනිස්සුන්ට ඒ කියන තැනට එන්න බැරිද? එහෙම බෑ කියල එකක් බුද්ධාගමේ නැහැ. බුද්ධාගම කියල කියන්නේ ඔයාල සාම්ප්‍රධායිකව විස්වාස කරපු විශ්වාසාවලිය නෙමෙයි. ඒක දර්ශනයක්. ඒක සුපිරි ඉගැන්වීමක්. ඒක තේරුම් ගන්නනම් හොඳ ඥානයක් තියෙන්න ඕන. හැබැයි මෙහෙම හිතන්න එපා. අපි ඉගෙන ගෙනත් නැහැ. අපි ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. පි අකුරු දන්නෙත් නෑ. ඔය කියන බුධාගම අපිට බැරිද? “පුළුවන්!”

“පුළුවන්” අන්න ඒකයි ඒකෙ කියෙන විශේෂය. ඒක දැනුම මුල් කරගත්ත ඉගැන්වීමක් නෙවෙයි. එක හදවත මුල් කර ගත්ත ඉගැන්වීමක්. ඒ අවබෝධයට, සුවයට සහනයට, අධ්‍යාපන සුදුසුකම් ඕන නෑ. අපේ ඉස්කෝලේ අධ්‍යාපන සුදුසුකම් කාගෙවත් බලන්නේ නෑ. මම කියන ඒවා තේරෙනවද? කාගේවත් වයස අපි බලන්නෙත් නැහැ. අපි බලන්නේ මොලේ තියෙනවද කියල විතරයි. මොලේ තියෙනවද කියලා බලන්නේ කියන එක තේරෙනවද කියල බලනවා. නිදහසේ අහන් ඉන්න පුලුවන්ද කියල බලනවා. ජීවිතෙත් එක්ක ජීවත් වෙලා තියේද කියල බලනවා. මම හිතන්නේ මේ ඉන්න හුගාක් අය ජීවිතෙත් එක්ක ජීවත් වෙච්ච් අය. හිනාවෙලා තියෙනවා හැමෝම. ඒ වගේම අඩලා තියෙනවා. ඉතින් ඒ ඇති.! ඒ ගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා. ඒ ගොල්ලෝ හිනාවෙනවා සතුටුදායක අවස්ථාවල. ඒගොල්ලෝ අඩනවා ඊට පස්සේ. ඊට පස්සේ ආයේ හොයන්න ඕන අපිට හිනාවෙන්නෙත් නැති, අඩන්නේත් නැති ලෝකයක්.



ඒ කියන්නේ ඔබ වහන්සේ කියන ඒ අවබෝධයටපත් වෙච්ච අය හිනාවෙන්නෙත් නැද්ද? හයියෙන් හිනාවෙනවා. උන්වහන්සේලා අඬන්නේ නැද්ද? හයියෙන් අඩන්නේ නැද්ද? හයියෙන් අඩනවා. උන්වහන්සේලාට දුකක් නැද්ද? නෑ .. කිසිම දුකක්.. උන්වහන්සේලාගේ හිත පිරිසිදුයි. දැන් අපිට තියෙන ප්‍රශ්නය හිත අපිරිසිදු නිසා, එක එක සීමාවල් හොයා හොයා ඒ තුල සතුට සොයනවා.කවදාකවත් හොයලා ඉවර කරන්න බැහැ. එක හොයන්නේ හරි අමුතු විධියට.

දැන් අපි හිතනවා මෙහෙම ඊට පස්සේ. අපි භාවනා කරන්න පටන් ගන්න ඕන. අපි කොහේ හරි කැලේකට ගිහිල්ල වනාන්තරගත වෙලා ජීවත් වෙන්න ඕන. කවදාකවත් සත්‍ය සොයන්න බෑ එහෙම. ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ජීවත් වුනේ සැවත්නුවර ජේතවනාරාමයේ. සැවත් නුවර කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රධාන වෙළඳ නගරයක්. කෝටි හතක ජනගහනය හිටියා. උන්වහන්සේ නගරයේ ජීවත් වුනා. මිනිස්සුත් එක්ක ජීවත් වුනා. මිනිස්සුන්ට දේශනා පැවැත්වුවා. ඔවුන්ගේ සැපේදී, දුකේදී ඔවුන් එක්ක හිටියා. හැබැයි ඒ ඔක්කොටම වඩා යමක් දැනගෙන හිටියා. ඒ දැනගත්ත දේ හැමෝටම තේරුනේ නෑ. ඒ දැනගත්ත දේ තේරුම් ගන්න බැරි මිනිස්සුත් හිටියා. ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු උන්වහන්සේට කිව්වා බුදු කෙනෙක් කියලා. අනිත් එවුන් කිව්වා හොරෙක් කියලා. එදා මිනිස්සු උන්වහන්සේට බැන්න. ඒ බැන්නේ ඒ කියන කතාවලට. හරි අමුතු කතා කිව්වා. මිනිස්සු විශ්වාස කරපු අර සාම්ප්‍රධායික මිත්‍යා විශ්වාස වලට පයින් ගැහුවා. ඒවා වැරදී කියල කිව්වා. හරි දේ පැහැදිලි කරා. ලෝකේ තියෙන අමාරුම දේ තමයි මෝඩ කමින් පිරිච්ච මිනිස්සුන්ට හරිදේ කියන එක. එතකොට මුලින්ම විරුද්ධ වෙන්නේ ඒ මිනිස්සු. හැබැයි කාලයක් ගියහම කියනවා කියපු එක හරි කියලා. ඔය ගෝල්ලොත් එහෙමයි.

✔✔✔ඒ භාග්‍යවත් වූ මුණි සඳ
ඒ අවබෝධයට පත්වෙච්ච අය හිනාවෙන්නෙත් නැද්ද? ඒ අවබෝධයට පත්වෙච්ච අය හිනාවෙන්නෙත් නැද්ද? Reviewed by Unknown on 12:35 PM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates