Siri Sadaham Monastery

Bellanthara, Dehiwala.

කෙනෙක් සත්‍ය අවබෝධ කලාම එයා මේ විශ්වයේ රිද්මය දන්නවා.

හුඟාක් හදවතට දුක දැනිච්ච මනුස්සයෙක් අනිත් අයට කඳුළු පෙනේවි කියලා බයෙන් නොහඩා ඉන්නවා. 


එතකොට මොකද වෙන්නේ? මම කියන්නේ එතකොට වහිනවා කියලා. මොකද ඔහුට අඬන්න ඕන නිසා. මම කියන දෙය තේරුම් ගන්න . කඳුළු පෙනේවි කියා නොහඩා සිටිනවා. හරි නම් සොබාදහම වස්සවන්න ඕන, ඔහුට නිදහසේ අඬන්න. ඒකයි මා විශ්වාස කරන ධර්මය. 
නොහඩා සිටිනවා...... "වැහැපන්" කියලා.
එතකොට වැස්සාම වැස්සත් එක්ක කඳුළු දියකරලා හරිනවා.....
කිසි කෙනෙක් උන්වහන්සේ අඩනවා දකින්නේ නැහැ ......
දකින්නේ වහිනවා විතරයි..!
අඬන්න ලෑස්ති වෙන්න එපා මිනිස්සු ඉන්න තැන, මොකක් වෙනකම් ඉන්න ඕනද,? වහිනකන් ඉන්න. මම කියන දේවල් තේරුම් ගන්න. හරි අමුතුයි මේ කියන දේවල් . 

වහිනකල් ඉන්න, වැස්සේ අඬන්න. කාටවත් පේන්නේ නැහැ. ලෝකේ නිර්වාන මාර්ගය පහල වෙන්නේ හරි අමුතු විදියට. ඒක මෙහෙමයි කියලා කියන්න බැහැ. ඒක සමහර අයට තේරෙනවා. ඒක පහල වෙන විදිය හරිම වෙනස්. එකවරක් ධන ලෙස පහල වුනොත් අනිත් වර පහල වෙන්නේ ඍන ලෙසයි. ඒ එහෙම වෙන්නේ ඒකට සම්ප්‍රදායක් නැති නිසා. සම්ප්‍රදායක් නැති මිනිස්සුන්ට සත්‍යාවබෝධ කරන්න ඕන නිසා.සම්ප්‍රදායක් තියෙන කෙනෙකුට කවදාකවත් සත්‍යාවබෝධ කරන්න බැහැ. ඒ නිසාම තමයි එහෙම පහල වෙන්නේ. එතකොට ඒක දකින්නේ ප්‍රඥාව තියෙන අය හා ඒකට පාරමී පුරපු අය විතරයි. වෙන කිසි කෙනෙකුට දකින්න අවසර නැහැ.
මේ කියන දේවල් ඔබ තේරුම් ගන්න. විශ්වය තුල පවතින්නේ එකම දහමක්. විශ්වය ඒ දහමින් වෙන් කරන්න බැහැ. ඉර පායන්නේ ඒ දහමට අනුව. හඳ පායන්නේ ඒ දහමට අනුව. තරු පායන්නේ, වලාකුළු ගමන් කරන්නේ, මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ එකම රිද්මයකට. ඒක තමයි විශ්වයේ රිද්මය... 
කෙනෙක් සත්‍ය අවබෝධ කලාම එයා මේ විශ්වයේ රිද්මය දන්නවා.-------------------------------------
සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ 

කෙනෙක් සත්‍ය අවබෝධ කලාම එයා මේ විශ්වයේ රිද්මය දන්නවා. කෙනෙක් සත්‍ය අවබෝධ කලාම එයා මේ විශ්වයේ රිද්මය දන්නවා. Reviewed by Unknown on 9:32 AM Rating: 5

No comments:

Disqus Shortname

Comments system

Sora Templates